Snow

{code type=codetype}{/code}

Sunday, June 2, 2013

යක්ෂයාගේ මස්සිනා




තමන්ගෙ සැමියාගේ බීමත්කම පිළිබඳව කනස්සල්ලෙන් පසුවුනු එක්තරා කාන්තාවක් මිනිස්සුන්ගේ බේබදුකම නතර කිරීම පිළිබඳව ප්‍රසිද්ධ වෙලා හිටපු පූජකතුමෙක් හමුවීමට ගොස් පිළිසරණක් ඉල්ලා සිටියා.

මේ කාන්තාවගේ කතාව අසා සිටි පූජකවරයා අන්තිමේදි මෙහෙම කීවා.

මහත්තය ආයෙමත් බීල ගෙදර එන වෙලාවට ඔබ ඔබේ මුළු ශරීරයම වැහෙන්න සුදු රෙද්දක් පොරවා ගෙන මම තමයි යක්ෂයාකියල කෑගහල එයාව බය කරන්න”.

කාන්තාව මේ උපදෙස් හොඳින් හිතට ගත්ත වගේම අකුරටම ක්‍රියාත්මක කළා.

ඊළඟ දවසේ සැමියා හොඳටම වෙරි වෙලා වැනි වැනී ගෙදර ආවෙ මහරෑ ජාමෙ. යක්කු ගස් නගින බහින වෙලාව කියන්නෙත් මේවගේ වෙලාවට තමා. ඉතින් මේ කාන්තාව ලොකු සුදු රෙද්දකින් ඇඟ වසාගෙන එක පාරටම තමන්ගෙ සැමියා ඉදිරියට පැනලාබු හා... හා..... මම තමයි යක්ෂයාකියල කෑ ගැහුව.

හොඳටම බීල හිටපු මනුස්සයගෙ මූණ මහා හිනාවකින් ආලෝකමත් වෙලා ගියා. මිනිහා වහාම ඔහුගේ අත දිග හැර කාන්තාව දිහාට දික්කරා.

මස්සිනා......... දීපං අත.... උඹේ නංගිව බැඳල ඉන්නෙ මම තමයි...! වරෙන් යන්ට පොඩි ෂොට් එකක් දාලා එන්ටමහ හයියෙන් කෑගැහුව මනුස්සය සන්තෝසෙ ඉවස ගන්ට බැරුවද මන්ද සුදු රෙද්දෙන් සරුවාංගෙම වසාගෙන හිටපු තමන්ගෙ බිරිඳව බදාගත්තා..........!

2 comments:

  1. බොන කෙනෙක් බීම නතරකරන්නේ නෑ කවදාවත්. ඊට උත්සහකිරීමත් කාලය අපතේ යැවීමක්............

    ReplyDelete
    Replies
    1. හික් හික් හික්........ තමන්ගෙම අත්දැකීම් වලින්ද ඔය කීවෙ ඈ....?

      Delete