Snow

{code type=codetype}{/code}

Friday, July 26, 2013

ආලෝකෝ උදපාදි



අද පරක්කු වෙලා ගෙදර ආවෙ. ශෂිකා අක්කව එක්කගෙන එන්ට යන්ට උනානෙ. හතහමාරට එනව කියපු මනුස්සයා ආවෙ 7.45 ට විතර. මම විනාඩි 25ක් විතර එතනට වෙලා බලන් හිටිය එනකන්. අම්මේ මෙහෙමත් කට්ටක්. රෑ පානෙ බස් හොල්ට් එකට වෙලා විනාඩි 25 ක් ඉන්නවා කියන එකත් ලේසි නෑ. වෙනදටනම් අක්කා ඔහොම නෑ. කියන වෙලාවටම වගේ එනව. කමක් නෑ බස් එකේ වැරැද්ද කියමුකො. ඒත් ඉතින් දැන් මේ ඩියුටියෙන් මාව අතඇරල එක්කගෙන යන්ට ස්ථිර කාවහරි හොයාගත්තනම් හරි වගේ. ඔහොමම හිටියොත් දන්නෙම නැතුව කල් ඉකුත් වේවි.

අද දවල් 12.20 වෙනකොට මගේ වැඩ ඉවරයි. ඉතින් කරන්ට දෙයක් නැතුව කැර‍කි කැරකි ඉන්න අතරෙම film එකට sub දාන එකත් ටික ටික කළා. එක දිගට ඒක කරනකොටනම් එපා වෙනවා අප්පා... වීරය වගේ පටන් ගත්ත වැඩේනෙ. කොහොමහරි ඉවර කරල දානවා.

අද උදේ වෙලාවට ඔ‍ෆිස් ගියා. අවුලක් උනේ නෑ. දවල් කාල ඉවර වෙලා අමිලය එක්ක බල්බ් ටිකක් ගන්ට කියල පිටකොටුව පැත්තෙ කරක් ගැහුවා. බොහොම අමාරුවෙන් ඒක කරගත්තෙ කඩවල් දෙකතුනකටම ගිහින්. බඩු ඉවර වෙලාලු. මුන්ගෙ ඉල්ලුමේ හැටියට සැපයුම නෑනෙ. Econ එහෙම දන්නෙ නැතුව ඇති business කලාට. කොහොමහරි ඕන කරන බඩු ටික අරන් එලියට බහිනකොට හොඳටම වැස්ස. බලන් හිටිය බලන් හිටිය වැස්ස ඉවර වෙන පාටකුත් නෑ. තෙමි තෙමීම ආව. ඇවිත් බස් එකක නැගල ඔෆිස් එකට ආවෙ. 

වැඩකරු වගේ බල්බ ටික හදන්ට ඕන parts ගත්තට මම දන්නවය ඕව හදන්ට. අන්තිමේ ඒකත් අමිලගෙන්ම අහගත්ත. ඉස්සෙල්ලම ගෙදර සාලෙට දාල බලනව හොඳද කියල. හොඳනම් ඉතින් තව ටිකක් හදන්ට බැරුවයැ. ලේසි නෑ. මම හිතුවට වැඩිය වියදමක් ගියා. එක බල්බ් එකකට 545.00 ක් බඩු වලට විතරක්. හදන්ට මහන්සි වෙන්ටත් එපැයි. (හදන විදිය පස්සෙ දවසක දාන්ට ඕන වෙනම Post එකක් විදියට.) හදල ඉවර වෙනකොට එකක් රු. 700 විතර වේවි වගේ. හෙට GOBA Meeting නිසා හෙට ඕව හදන්ට වෙන්නෙ නෑ. ඒක නිසා ඉරිද තමයි ඔක්කොම. වියදම් කලො වගේ බල්බ් ටික හොඳට තිබුනොත් ඉතින් කරන්ට් බිල ගැන හිතන්නෙ නැතුව ලයිට් දාගෙන ඉන්න පුළුවන්. ආලෝකෝ උදපාදි කියන්නෙ ඕකට තමයි.


මේන් මේ වගේ මොඩල් ටිකක් තමා ගෙනාවෙ. හරියටම බලාගන්ට පුළුවන් හැදුවට පස්සෙ.

No comments:

Post a Comment