අපි හැමෝම වගේ ජොබ් එකක් කළාට හැම කෙනාම ජොබ් එක කරන්නෙ හොඳ ආත්ම තෘප්තියකින් නෙවෙයි. තමන්ගෙ සේවය පිළිබඳ තෘප්තිමත් විදියට ජොබ් එක කරන අය ගොඩක් අඩුයි කියලයි මටනම් හිතෙන්නෙ. ඉතින් අපේ අය ජොබ් එකට යන විදිය ගැන කියවෙන පොඩි කාර්ටූන් එකක් හම්බුනා මට. මෙන්න මෙහෙමයි ඒකෙ තියෙන්නෙ....
Snow
{code type=codetype}{/code}
Saturday, July 27, 2013
Friday, July 26, 2013
ආලෝකෝ උදපාදි
අද
පරක්කු වෙලා ගෙදර ආවෙ. ශෂිකා අක්කව එක්කගෙන එන්ට යන්ට උනානෙ. හතහමාරට එනව කියපු
මනුස්සයා ආවෙ 7.45 ට විතර. මම විනාඩි 25ක් විතර එතනට වෙලා බලන් හිටිය එනකන්. අම්මේ
මෙහෙමත් කට්ටක්. රෑ පානෙ බස් හොල්ට් එකට වෙලා විනාඩි 25 ක් ඉන්නවා කියන එකත් ලේසි
නෑ. වෙනදටනම් අක්කා ඔහොම නෑ. කියන වෙලාවටම වගේ එනව. කමක් නෑ බස් එකේ වැරැද්ද
කියමුකො. ඒත් ඉතින් දැන් මේ ඩියුටියෙන් මාව අතඇරල එක්කගෙන යන්ට ස්ථිර කාවහරි
හොයාගත්තනම් හරි වගේ. ඔහොමම හිටියොත් දන්නෙම නැතුව කල් ඉකුත් වේවි.
අද
දවල් 12.20 වෙනකොට මගේ වැඩ ඉවරයි. ඉතින් කරන්ට දෙයක් නැතුව කැරකි කැරකි ඉන්න
අතරෙම film එකට sub දාන එකත් ටික ටික කළා. එක දිගට ඒක කරනකොටනම් එපා
වෙනවා අප්පා... වීරය වගේ පටන් ගත්ත වැඩේනෙ. කොහොමහරි ඉවර කරල දානවා.
අද
උදේ වෙලාවට ඔෆිස් ගියා. අවුලක් උනේ නෑ. දවල් කාල ඉවර වෙලා අමිලය එක්ක බල්බ් ටිකක්
ගන්ට කියල පිටකොටුව පැත්තෙ කරක් ගැහුවා. බොහොම අමාරුවෙන් ඒක කරගත්තෙ කඩවල්
දෙකතුනකටම ගිහින්. බඩු ඉවර වෙලාලු. මුන්ගෙ ඉල්ලුමේ හැටියට සැපයුම නෑනෙ. Econ එහෙම දන්නෙ නැතුව ඇති business කලාට. කොහොමහරි ඕන කරන බඩු ටික අරන් එලියට බහිනකොට
හොඳටම වැස්ස. බලන් හිටිය බලන් හිටිය වැස්ස ඉවර වෙන පාටකුත් නෑ. තෙමි තෙමීම ආව. ඇවිත්
බස් එකක නැගල ඔෆිස් එකට ආවෙ.
වැඩකරු වගේ බල්බ ටික හදන්ට ඕන parts ගත්තට මම දන්නවය ඕව හදන්ට. අන්තිමේ ඒකත්
අමිලගෙන්ම අහගත්ත. ඉස්සෙල්ලම ගෙදර සාලෙට දාල බලනව හොඳද කියල. හොඳනම් ඉතින් තව ටිකක්
හදන්ට බැරුවයැ. ලේසි නෑ. මම හිතුවට වැඩිය වියදමක් ගියා. එක බල්බ් එකකට 545.00 ක්
බඩු වලට විතරක්. හදන්ට මහන්සි වෙන්ටත් එපැයි. (හදන විදිය පස්සෙ දවසක දාන්ට ඕන වෙනම
Post එකක් විදියට.) හදල ඉවර වෙනකොට එකක් රු. 700 විතර
වේවි වගේ. හෙට GOBA
Meeting නිසා
හෙට ඕව හදන්ට වෙන්නෙ නෑ. ඒක නිසා ඉරිද තමයි ඔක්කොම. වියදම් කලො වගේ බල්බ් ටික හොඳට
තිබුනොත් ඉතින් කරන්ට් බිල ගැන හිතන්නෙ නැතුව ලයිට් දාගෙන ඉන්න පුළුවන්. ආලෝකෝ
උදපාදි කියන්නෙ ඕකට තමයි.
මේන් මේ වගේ මොඩල් ටිකක් තමා ගෙනාවෙ. හරියටම බලාගන්ට පුළුවන් හැදුවට පස්සෙ.
Thursday, July 25, 2013
අපි තමයි අපි තමයි දැන් ලොක්කෝ............
මටනම් ඇත්තටම හිතාගන්ට බෑ මම මොනවද කරන්නෙ කියල. මේ
වෙන දේවල් වල හැටියටනම් මට දැන් පිස්සු වගේ. ඔවු සමහර වෙලාවට අපිට ඇත්තටම පිස්සු
තමා. “සියළු පෘථග්ජනයෝ උම්මත්තකයෝ”ය කියල බුදුහාමුදුරුවොත් දේශනා කරල තියෙනවනෙ.
ඉතින් අපිටත් ඇත්තටම පිස්සු වෙන්ට ඇති. (මම බෞද්ධ ධර්මය ඉස් මුදුනින්ම පිළිගන්න
කෙනෙක්. ඒත් සමහර වෙලාවට ඒකෙ තියෙන උපදෙස් පිළිපදින්ට බැරි වෙන වෙලාවල්
තියෙනවා... ඔය ඉදල හිටල පාටියකට ගියාම වගේ...)
හරි ඒකට කමක් නෑ. මෙන්න එහෙනම් අපේ වැඩ. දෙන්න
හැමෝම උණුසුම් අත්පොළසන් නාදයක්. හික් හික්..... අද අපේ ලොක්ක කියල අපේ එවුන් ටික
මට අත්පුඩි ගැහැවුවා. මගෙ වැඩ හොඳයි කියලා... කොහොමත් ඉතින් කොල්ලගෙ වැඩ හොඳයි
තමයි.. :P ඉඳල හිටල ටිකක් ට්‍රැක් එක පැන්නට කොල්ල වැඩ කාරය.
මගෙ Performance හොඳයි ඔෆිස් එකේ වැඩ වලදි. අද අපේ Progress
meeting එක තිබුණනෙ. මම විතරක් නෙවෙයි තව කීපදෙනෙක්ම
මෙහෙම ඇගයීම් වලට ලක් උනා.. ඒ හැමෝටම අත්පුඩි හම්බුණා. අපේම එවුන්ගෙන් තමයි ඉතින්.
හී හී ... හී.. නැතුව ඉතින් පාරෙ ඉන්න එවුන් ඇවිත් අපිට අත්පුඩි ගහල යනවය.
පුරවැසියො එහෙම අපි මේ කරන වැඩ දැනගත්තොත් Two Two පොල්ලෙන් Ten Ten දේවි
අපිට.
අපිට ඉතින් උඩ පනින්ට කාරණයක් තමයි අද උනේ. මටනම්
ඉතින් දෙපාරක් උඩ පනින්ට වෙනවා. අපි කවදත් හොඳයිනෙ. මීට කලිනුත් ලොක්ක මගේ වැඩ ඉතාම හොඳයි කියල
විශිෂ්ඨ අන්දමේ ප්‍රශංසාවක් කලා. ඔෆිස් එකේ එකෙක් එහෙම ප්‍රශංසාවක් ලබපු පළවෙනි වතාව ඒක. ඒකටත් ඉතින් අපිම ඉන්ට
ඕන. අපේ Branch එකේ අනිත් එවුන්ට වැඩ බෑ කියල නෙමෙයි ඒ කීවෙ. අපේ
එකට එන්ටනම් ඉතින් සැබෑම වැඩකාරයො වෙන්ට ඕන. නැත්නම් ඒ පැත්ත පළාතෙ පස් පාගන්ට
වෙන්නෙ නෑ. ඒත් ඉතින් ඒ අතරිනුත් සුපිරි වැඩ්ඩො අපි තමා..... (අපි තමයි අපි තමයි
දැන් ලොක්කෝ............)
මේ දවස් වල අර film
එකට sub දාගෙන යනව. හිතනවට වැඩිය ටිකක් අමාරුයි වගේ. මේක Translate
කර කර ආයෙ Type කරන්ට
ගියාම එපා වෙනව අප්ප. පටන් ගත්ත වැඩේ නවත්තන්ට බෑ නොවැ. හිමීට කරගෙන යනවා. කවද ඉවර
වේවිද මන්ද. ගෙදර ඇවිත් මේක දිහා බලාගෙන ඉන්නකොටනම් වෙරි වගේ... මොනව බොන්නෙ
නැතුවම.. ඔවු ඔවු. අපේ අයේෂ් (මගේ Office එකේ
යාළුවෙක්) සෙනසුරාදා රෑ වෙරි උනේ අපි බොනව දැකල. මේව අපේ අම්මල එහෙම දැක්කොත් හිතාවි මමත්
බේබද්දෙක් වෙලා කියල.
බුදු අම්මෝ දැන් ඇති. මම යනවා යන්ට......
Tuesday, July 23, 2013
මගේ ඔෆිස් එකේ වැඩ... එපා වෙනවා අප්පා.
අද දවසට
ඔෆිස් එකේ වැඩ ඉවරයි. හිතපු තරම් target cover කරන්ට
බැරි උනා. සාර්ථකත්වය 16/30 යි. (53.33% සාර්ථකයි)... කරන්ට
දෙයක් නෑ. දැන් ආයෙ අළුත් වැඩක් පටන් ගන්ට වෙලාවක් නෑ. දැන් ඔෆිස් එකේ ඉන්නෙ
මමයි, ජයන්ත මහත්තයයි, අබේ අයියයි විතරයි. මම යන්ට ඕන 6.15 වෙනකොට. (අද උදේ එනකොට
8.31 යි. එක විනාඩියට පැය කාලක OT අඩු වෙනව.
ඔය වෙලාවට තමයි ඉතින් CGR එකේ එවුන්ගෙ අම්ම අප්ප මතක් වෙන්නෙ. හැබැයි ඉතින්
අද වැරැද්ද 100% උන්ගෙ පිටේ පටවන්ටමත් බෑ.) නැත්නම් මහ රෑ තමයි ගෙදර යන්ට වෙන්නෙ.
හෙට තමයි ඉතින් ඉතුරු වැඩ ටික කරන්ට වෙන්නෙ. හෙට බදාද හින්ද ඒකත් දන්නෙ නැතුවම
ගෙවිල යාවි. පුරවැසියෙක් හරි දෙන්නෙක් හරි ආවොත් වරුවක්ම ඉවරයි. අපි කොච්චර සේවයට
කැප උනත් ඉතින් අම්මාපල්ල... මේ පුරවැසියො දකිනකොට =නම් යක්ෂාරූඪ වෙනව සමහර
වෙලාවට.... මේ වෙලාවට තමයි යක්ෂයාගෙ මස්සිනා වගේ එකෙක් හිටියනම් හොඳයි කියල
හිතෙන්නෙ.
Monday, July 22, 2013
ජීවිතේ මගේ....
අද දවසම මම ගෙදරට වෙලා හිටියෙ කම්මැලිකමේ. වැඩ
දෙකතුනකටම එලියට යන්ට හිතාගෙන හිටියත් යන්ට බැරිඋනා. මෙහෙට හිටු කියල වහිනවනේ.
තාත්ත කීව දැන් මෙහෙත් නුවරඑළිය වගේ වෙලා කියල. වහින හින්ද එලියට යන්ට බැහැනෙ.
දවසෙ වැඩි හරියක් ඉතින් Computer එක ඉස්සරහ තමයි ඉතින්.
ෆිල්ම් තුනක් බැළුව අද දවසට. වෙන කරන්ට දේකුත්
නැහැනෙ. ආ.... තව අළුත් වැඩක් පටන් ගත්ත මම. මේක සෑහෙන දවසක ඉඳල මගෙ හිතේ තිබුන
දෙයක්. ඒත් ඒක අද තමයි කරන්ට පටන් ගත්තෙ. මමත් ෆිල්ම් එකකට Subtitles දාන්ට පටන් ගත්ත. Charley and the chocolate factory තමයි Film එක.
මට ඉතින් තියෙන ලොකුම ප්‍රශ්නෙ type කරන එක
තමයි. Type කරන්ට කම්මැලිකම නැත්නම් ඉක්මනට වැඩේ කරල ඉවර
කරගන්ට පුළුවන්. Subtitles දාල ඉවර උනාම Baiscopelk එකට දෙන්ටයි බලාපොරොත්තුව. මම ෆිල්ම් එක වෙන් කරගෙන තියෙන්නෙ Subtitles දාන්ට. මමත් Baiscopelk.com එකෙන් සෑහෙන්ට Subtitles අරන් තියෙනවා. ඒක නිසා යම් පමණකින් හරි මේකට
මමත් දායක වෙන්ටයි බලාපොරොත්තුව.
හෙට ආයෙ office යන්ට
ඕන. දැන්නම් කම්මැලිත් හිතෙනවා දවස් දෙකක් ගෙදරට වෙලා ඉඳල office යන්ට. ඒත් ඉතින් නොගිහිනුත් බැහැනෙ. හී හී... ඒක
නිසා හෙට උදේම නැගිටලා සාමාන්‍ය විදියටම වැඩ පටන් ගන්නවා. දැන් ඉතින් මම යන්ට ඕන
නිදාගන්ට. ඔෆිස් ගියාම මහා මෙහෙයුමක් පටන් ගන්ට තියෙනවා. දැන් ඒක ගැන කියන්ට බෑ.
හෙට ඒ ගැන පොඩි සටහනක් දාන්ට පුළුවන්.
Friday, July 19, 2013
කලකට පස්සේ...............!
ගොඩක් කාලෙකට පස්සේ Blog එක පැත්තට ආවෙ. පහුගිය ටිකේම මේක ලියන්ට හිතුනෙ නෑ මට. අන්තිම Post එක දැම්මෙ පහුගිය ජූනි දෙවෙනිද. මීට මාස එකහමාරකටත් කලින්. ලියන්ට අදහස්නම් ඕනතරම් මගෙ හිතේ තියෙනවා. ඒත් පහුගිය දවස්වල මට මේක ලියන්න තරම් හිතක් පහල උනේ නෑ. අද තමා ටිකක් ලියන්ට හිතුනෙ. මොනව උනත් කමක් නෑ. ඔන්න ඔහෙ හිතට එන ඕන මගුලක් ලියල දානව. නැතුව ඉතින් මම මේකෙ සිංහල, ඉතිහාසය, ආගම වගේ මොනව හරි විචාර එහෙමත් නැත්නම් සාහිත්‍යය ලියන්ටයැ. මම ලියන්නෙ මට හිතෙන දේ. Blog එකක ලියන්ට ඕනෙ මොනවද කියල මොකක් හරි නීතියක් නෑනෙ. නේද? හික්.. හික්...
අද ඔෆිස් එකේදි දුලානි අක්කට ඕන උනා Blog එක බලන්ට. ඒක නිසා තමයි අද මේ ආයෙමත් මෙහෙම ලියන්ට හිතුනෙ. නැත්නම් ගෙදර ආවට පස්සෙ කම්මැලි හිතෙනව Type කරන්ට ගියාම. ඔෆිස් එකේදිත් අපි කොච්චරවත් ලියුම් Type කරනවනෙ. ඒක නිසාමද මන් දන්නෙ නෑ ගෙදර ආවම ලියුම් ටයිප් කරන්ට කම්මැලි හිතෙන්නෙ. ඒත් කමක් නෑ. දැන් ඉතින් ආයෙ පටන් ගත්තනෙ කෙටිල්ල. මම කීවෙ මේ අකුරු කෙටිල්ල ගැන. ඒක නිසා දිගටම මේ පුරුද්ද පවත්වාගෙන ගියාම හරි.
හැබැයි ඉතින් ගොඩක්ම මේ පැත්තෙ එන්ට වෙන්නෙ රෑට. ගෙදර ආවම තමා. ඔෆිස් එකේදිත් මොනවහරි කොටල දාන්ට බැරිකමක් නෑ. ඒත් ඉතින් වටපිට ඉන්න එවුන් ටික දැක්කොත් මම මේක කොටනව වසල හමාරයි. හී හී හී... අරකද...... මේකද.......... කෝකද..... කොහොමද....... කියල ප්‍රශ්න පත්තරේකට උත්තර බඳින්ට වේවි මට. (ප්‍රශ්න පත්තරේ කීවට ප්‍රශ්න හතරයි නොවැ තියෙන්නෙ. නෑ... නෑ... ඕව අස්සෙ තව ගොඩක් ප්‍රශ්න ඇදේවි අපේ ඔෆිස් එකේ ඉන්න ඇන්ටිල ටික මේක කොටනව දැක්කම.) Post එක දැම්මට පස්සෙනම් මොකා දැක්කත් මට කමක් නෑ. ඒත් ඉතින් මේක කොටන වෙලාවෙ කවුරුහරි දකිනකොටනම් ඉතින් මටත් නිකන් හිරිකිතයි වගේ............
Subscribe to:
Posts (Atom)

