Snow

{code type=codetype}{/code}

Thursday, October 24, 2013

央视水浒传片尾 《好汉歌》


http://www.youtube.com/watch?v=h-47s8ES5Ik


ගොඩක් කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවෙ. පොඩි පොඩි අවුල් සහගත දේවල් ටිකක් හින්ද ‍මම ලියන එක නතර කැල තිබුණේ. ඒත් දැන් ආයෙ ඒ තත්වෙ නැතිවෙලා ගිහින්. මම හිතන්නෙ දැන් ආයෙ බ්ලොග් එක ලියන්ට සුදුසු පරිසරයක් ඇවිත් තියෙන්නෙ. ඒක නිසා මම ආයෙ ලියනවා.

මේ දාල තියෙන්නෙ Water Margin කියන චීන ඩ්‍රාම සීරියස් එකක තේමා ගීතය. හරිම ලස්සනයි. මේකෙ තේරුමත් හොඳයි. Water Margin හැම සෙනසුරාදාකම රෑ 10.10 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වෙනව. මේකෙ සම්පූර්ණ කතාවම මම බලල තියෙනව මීට කලින්. ඒත් ආසාව නැති උනේ නෑ. ඉතින් ආයෙමත් බලනව. මම දැකල තියෙන සුපිරිම පට්ටම ඩ්‍රාමා සීරියස් එකක් තමයි මේ.

Wednesday, August 7, 2013

මල් පැන් පොදක්



මගෙ සිහිනේ ඔබයි
මගෙ සිහිනේ ඔබයි
තනි යහනේ නොවෙයි
ආදරයේ හද උණුසුම ඔබයි...

ඔබේ සෙනෙහේ මගෙයි
ඔබේ සෙනෙහේ මගෙයි
තනි යහනේ නොවෙයි
ආදරයේ ඔබ මුතුලැල් වටී...

මගෙ සිහිනේ ඔබයි
ඔබේ සෙනෙහේ මගෙයි
තනි යහනේ නොවෙයි
ආදරයේ හද උණුසුම ඔබයි...

මල් පැන් පොදක් කිණිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ...
මල් පැන් පොදක් කිණිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ...
නෙළුමක් නෙළුමක් අරන්...

ඔබේ සෙනෙහේ මගෙයි
ඔබේ සෙනෙහේ මගෙයි
තනි යහනේ නොවෙයි
අදරයේ හද උණුසුම ඔබයි...

ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන්
ඉතින් ආදරෙයි නම් බොහොමයි හැගුම්...
ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන්
ඉතින් ආදරෙයි නම් බොහොමයි හැගුම්...
අහසක් අහසක් තරම්...


මල් පැන් පොදක් කිණිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට ඔබේ ආදරේ...
ඔබගෙන් තරම් ලැබූ පෙම් වදන්
ඉතින් ආදරෙයි නම් බොහොමයි හැගුම්...//

මල් පැන් පොදක්....................

Saturday, July 27, 2013

රස්සාවට යන හැටි....

අපි හැමෝම වගේ ජොබ් එකක් කළාට හැම කෙනාම ජොබ් එක කරන්නෙ හොඳ ආත්ම තෘප්තියකින් නෙවෙයි. තමන්ගෙ සේවය පිළිබඳ තෘප්තිමත් විදියට ජොබ් එක කරන අය ගොඩක් අඩුයි කියලයි මටනම් හිතෙන්නෙ. ඉතින් අපේ අය ජොබ් එකට යන විදිය ගැන කියවෙන පොඩි කාර්ටූන් එකක් හම්බුනා මට. මෙන්න ‍මෙහෙමයි ඒකෙ තියෙන්නෙ....


Friday, July 26, 2013

ආලෝකෝ උදපාදි



අද පරක්කු වෙලා ගෙදර ආවෙ. ශෂිකා අක්කව එක්කගෙන එන්ට යන්ට උනානෙ. හතහමාරට එනව කියපු මනුස්සයා ආවෙ 7.45 ට විතර. මම විනාඩි 25ක් විතර එතනට වෙලා බලන් හිටිය එනකන්. අම්මේ මෙහෙමත් කට්ටක්. රෑ පානෙ බස් හොල්ට් එකට වෙලා විනාඩි 25 ක් ඉන්නවා කියන එකත් ලේසි නෑ. වෙනදටනම් අක්කා ඔහොම නෑ. කියන වෙලාවටම වගේ එනව. කමක් නෑ බස් එකේ වැරැද්ද කියමුකො. ඒත් ඉතින් දැන් මේ ඩියුටියෙන් මාව අතඇරල එක්කගෙන යන්ට ස්ථිර කාවහරි හොයාගත්තනම් හරි වගේ. ඔහොමම හිටියොත් දන්නෙම නැතුව කල් ඉකුත් වේවි.

අද දවල් 12.20 වෙනකොට මගේ වැඩ ඉවරයි. ඉතින් කරන්ට දෙයක් නැතුව කැර‍කි කැරකි ඉන්න අතරෙම film එකට sub දාන එකත් ටික ටික කළා. එක දිගට ඒක කරනකොටනම් එපා වෙනවා අප්පා... වීරය වගේ පටන් ගත්ත වැඩේනෙ. කොහොමහරි ඉවර කරල දානවා.

අද උදේ වෙලාවට ඔ‍ෆිස් ගියා. අවුලක් උනේ නෑ. දවල් කාල ඉවර වෙලා අමිලය එක්ක බල්බ් ටිකක් ගන්ට කියල පිටකොටුව පැත්තෙ කරක් ගැහුවා. බොහොම අමාරුවෙන් ඒක කරගත්තෙ කඩවල් දෙකතුනකටම ගිහින්. බඩු ඉවර වෙලාලු. මුන්ගෙ ඉල්ලුමේ හැටියට සැපයුම නෑනෙ. Econ එහෙම දන්නෙ නැතුව ඇති business කලාට. කොහොමහරි ඕන කරන බඩු ටික අරන් එලියට බහිනකොට හොඳටම වැස්ස. බලන් හිටිය බලන් හිටිය වැස්ස ඉවර වෙන පාටකුත් නෑ. තෙමි තෙමීම ආව. ඇවිත් බස් එකක නැගල ඔෆිස් එකට ආවෙ. 

වැඩකරු වගේ බල්බ ටික හදන්ට ඕන parts ගත්තට මම දන්නවය ඕව හදන්ට. අන්තිමේ ඒකත් අමිලගෙන්ම අහගත්ත. ඉස්සෙල්ලම ගෙදර සාලෙට දාල බලනව හොඳද කියල. හොඳනම් ඉතින් තව ටිකක් හදන්ට බැරුවයැ. ලේසි නෑ. මම හිතුවට වැඩිය වියදමක් ගියා. එක බල්බ් එකකට 545.00 ක් බඩු වලට විතරක්. හදන්ට මහන්සි වෙන්ටත් එපැයි. (හදන විදිය පස්සෙ දවසක දාන්ට ඕන වෙනම Post එකක් විදියට.) හදල ඉවර වෙනකොට එකක් රු. 700 විතර වේවි වගේ. හෙට GOBA Meeting නිසා හෙට ඕව හදන්ට වෙන්නෙ නෑ. ඒක නිසා ඉරිද තමයි ඔක්කොම. වියදම් කලො වගේ බල්බ් ටික හොඳට තිබුනොත් ඉතින් කරන්ට් බිල ගැන හිතන්නෙ නැතුව ලයිට් දාගෙන ඉන්න පුළුවන්. ආලෝකෝ උදපාදි කියන්නෙ ඕකට තමයි.


මේන් මේ වගේ මොඩල් ටිකක් තමා ගෙනාවෙ. හරියටම බලාගන්ට පුළුවන් හැදුවට පස්සෙ.

Thursday, July 25, 2013

අපි තමයි අපි තමයි දැන් ලොක්කෝ............



මටනම් ඇත්තටම හිතාගන්ට බෑ මම මොනවද කරන්නෙ කියල. මේ වෙන දේවල් වල හැටියටනම් මට දැන් පිස්සු වගේ. ඔවු සමහර වෙලාවට අපිට ඇත්තටම පිස්සු තමා. “සියළු පෘථග්ජනයෝ උම්මත්තකයෝ”ය කියල බුදුහාමුදුරුවොත් දේශනා කරල තියෙනවනෙ. ඉතින් අපිටත් ඇත්තටම පිස්සු වෙන්ට ඇති. (මම බෞද්ධ ධර්මය ඉස් මුදුනින්ම පිළිගන්න කෙනෙක්. ඒත් සමහර වෙලාවට ඒකෙ තියෙන ‍‍උපදෙස් පිළිපදින්ට බැරි වෙන වෙලාවල් තියෙනවා... ඔය ඉදල හිටල පාටියකට ගියාම වගේ...)

හරි ඒකට කමක් නෑ. මෙන්න එහෙනම් අපේ වැඩ. දෙන්න හැමෝම උණුසුම් අත්පොළසන් නාදයක්. හික් හික්..... අද අපේ ලොක්ක කියල අපේ එවුන් ටික මට අත්පුඩි ගැහැවුවා. ම‍ගෙ වැඩ හොඳයි කියලා... කොහොමත් ඉතින් කොල්ලගෙ වැඩ හොඳයි තමයි.. :P ඉඳල හිටල ටිකක් ට්‍රැක් එක පැන්නට කොල්ල වැඩ කාරය. මගෙ Performance හොඳයි ඔ‍ෆිස් එකේ වැඩ වලදි. අද අපේ Progress meeting එක තිබුණනෙ. මම විතරක් නෙවෙයි තව කීපදෙනෙක්ම මෙහෙම ඇගයීම් වලට ලක් උනා.. ඒ හැමෝටම අත්පුඩි හම්බුණා. අපේම එවුන්ගෙන් තමයි ඉතින්. හී හී ... හී.. නැතුව ඉතින් පාරෙ ඉන්න එවුන් ඇවිත් අපිට අත්පුඩි ගහල යනවය. පුරවැසියො එහෙම අපි මේ කරන වැඩ දැනගත්තොත් ‍Two Two  පොල්ලෙන් Ten Ten දේවි අපිට.

අපිට ඉතින් උඩ පනින්ට කාරණයක් තමයි අද උනේ. මටනම් ඉතින් දෙපාරක් උඩ පනින්ට වෙනවා. අපි කවදත් හොඳයිනෙ. මීට කලිනුත් ලොක්ක මගේ වැඩ ඉතාම හොඳයි කියල විශිෂ්ඨ අන්දමේ ප්‍රශංසාවක් කලා. ඔ‍ෆිස් එකේ එකෙක් එහෙම ප්‍රශංසාවක්  ලබපු පළවෙනි වතාව ඒක. ඒකටත් ඉතින් අපිම ඉන්ට ඕන. අපේ Branch එකේ අනිත් එවුන්ට වැඩ බෑ කියල නෙමෙයි ඒ කීවෙ. අපේ එකට එන්ටනම් ඉතින් සැබෑම වැඩකාරයො වෙන්ට ඕන. නැත්නම් ඒ පැත්ත පළාතෙ පස් පාගන්ට වෙන්නෙ නෑ. ඒත් ඉතින් ඒ අතරිනුත් සුපිරි වැඩ්ඩො අපි තමා..... (අපි තමයි අපි තමයි දැන් ලොක්කෝ............) 

මේ දවස් වල අර film එකට sub දාගෙන යනව. හිතනවට වැඩිය ටිකක් අමාරුයි වගේ. මේක Translate කර කර ආයෙ Type කරන්ට ගියාම එපා වෙනව අප්ප. පටන් ගත්ත වැඩේ නවත්තන්ට බෑ නොවැ. හිමීට කරගෙන යනවා. කවද ඉවර වේවිද මන්ද. ගෙදර ඇවිත් මේක දිහා බලාගෙන ඉන්නකොටනම් වෙරි වගේ... මොනව බොන්නෙ නැතුවම.. ඔවු ඔවු. අපේ අයේෂ් (මගේ Office එකේ යාළුවෙක්) සෙනසුරාදා රෑ වෙරි උනේ අපි බොනව දැකල.  මේව අපේ අම්මල එහෙම දැක්කොත් හිතාවි මමත් බේබද්දෙක් වෙලා කියල.

බුදු අම්මෝ දැන් ඇති. මම යනවා යන්ට......

Tuesday, July 23, 2013

මගේ ඔ‍ෆිස් එකේ වැඩ... එපා වෙනවා අප්පා.




අද දවසට ඔෆිස් එකේ වැඩ ඉවරයි. හිතපු තරම් target cover කරන්ට බැරි උනා. සාර්ථකත්වය 16/30 යි. (53.33% සාර්ථකයි)... කරන්ට දෙයක් නෑ. දැන් ආයෙ අළුත් වැඩක් පටන් ගන්ට වෙලාවක් නෑ. දැන් ඔ‍ෆිස් එකේ ඉන්නෙ මමයි, ජයන්ත මහත්තයයි, අබේ අයියයි විතරයි. මම යන්ට ඕන 6.15 වෙනකොට. (අද උදේ එනකොට 8.31 යි. එක විනාඩියට පැය කාලක OT අඩු වෙනව. ඔය වෙලාවට තමයි ඉතින් CGR එකේ එවුන්ගෙ අම්ම අප්ප මතක් වෙන්නෙ. හැබැයි ඉතින් අද වැරැද්ද 100% උන්ගෙ පිටේ පටවන්ටමත් බෑ.) නැත්නම් මහ රෑ තමයි ගෙදර යන්ට වෙන්නෙ. හෙට තමයි ඉතින් ඉතුරු වැඩ ටික කරන්ට වෙන්නෙ. හෙට බදාද හින්ද ඒකත් දන්නෙ නැතුවම ගෙවිල යාවි. පුරවැසියෙක් හරි දෙන්නෙක් හරි ආවොත් වරුවක්ම ඉවරයි. අපි කොච්චර සේවයට කැප උනත් ඉතින් අම්මාපල්ල... මේ පුරවැසියො දකිනකොට =නම් යක්ෂාරූඪ වෙනව සමහර වෙලාවට.... මේ වෙලාවට තමයි යක්ෂයාගෙ මස්සිනා වගේ එකෙක් හිටියනම් හොඳයි කියල හිතෙන්නෙ.