අද බදාදනේ. පුංචි ඉසිඹුවක් ලැබුණ අවස්ථාවක තමයි සටහනක් තියන්ට හිතුවෙ. රජයේ කාර්යාල වල වැඩ කරන අය ගැන දන්න උදවියටනම් අමුතුවෙන් කියන්ට ඕනෙ නෑ බදාදා දවස ගැන. විශේෂයෙන්ම මහජන අවශ්‍යතාවන් සඳහාම වෙන්වූ කාර්යාලයක්නම් ඉතින් බදාදට හුස්මක් ගන්ට බැරි තරම් වැඩ. මම රාජකාරිය කොරන්නෙත් ඉතින් ඒ වගේ මහජන කටයුතු කෙරෙන අංශෙක තමයි. ඒත් ඉතින් මහජනතාව විශාල ප්‍රමාණයක් මේකට එනව අඩුයි. ඒත් ඒ එන අයගෙ වැදගත් අවශ්‍යතාවයන් ගොඩක් ඉටුකරල දෙන්ට මමත් මගෙ සහෝදර කාර්ය මණ්ඩලයත් කැප වෙලා ඉන්නෙ. සමහර වෙලාවල් වලට නම් ඉතින් .........
අනේ මන්ද මිනිස්සු මොනව හිතාගෙන මෙහෙ එනවද කියල. සමහර අය ඉල්ලන දේවල් කරල දෙන්ට තියා ඒව ගැන හිතන්ටත් අමාරුයි. සමහර කාරණා වලට මැදිහත් වීමක් වෙන්ටම බෑ නොවැ. ඒත් ඉතින් ඕව මිනිස්සුන්ට කීවම වෙන්නෙ එයාල අපිට බැන බැන යන එක තමයි. කොහොම උනත් ඉතින් මම නම් හරි ආසයි අපි අතින් ඒ අයගෙ අවශ්‍යතාවයන් ඉටු උනාම මූණෙ මැවෙන හිනා මල් දකින්ට. මට නම් මගෙ වෘත්තිය ගැන උපරිමේටම තෘප්තිමත් වෙන්ට පුළුවන් ඒ වගේ අවස්ථාවක තමයි.
හ්ම්ම්...... ඔය ඉන්නෙ ඉතින් මම රාජකාරී කරන ස්ථානයේ තමයි. මේ දැන් මේ පින්තූරෙ මගේ Phone එකෙන් ගත්තෙ......

No comments:
Post a Comment