දවස් දෙකකින් මේ පැත්තෙ එන්න බැරි උනේ වැඩ ටිකක් වැඩි උන නිසයි. අදත් මම Office එකට ඇවිත් ඉන්නෙ. වැඩ කරන අතරෙ කම්මැලිකමක් දැනුන නිසයි මේ පැත්තෙ මොකද වෙන්නෙ කියල බලල යන්ට හිතුනෙ. ඊයෙ ගෙදර යනකොට රෑ උනා නොවැ. ඒත් අද ටිකක් වේලාසනින් ගෙදර යන්ට හිතාගෙනයි හිටියෙ. ඒත් දෙයියනේ එක දිගට වැඩ කරගෙන කරගෙන යනකොට එපා වෙනවනෙ. ඒක නිසා දවල් මම වැඩ නවත්තල Film එකකුත් බැලුව. ඒත් ටික වෙලාවක් යනකොට ඒකත් එපා උනා. ඒක නිසා Film ඉලන එක නවත්තල සින්දුවක් අහන අතරෙම තව වැඩ ටිකක් කරගත්ත. දැනුත් මම මේ සින්දුවක් අහන ගමන් තමයි මේක ලියන්නෙ.
දැන් මම අහන සින්දුව ටිකක් විවාදයට භාජනය උන සින්දුවක්. මේකෙ සංගීතය රංග දසනායක උන්නැහේගෙ. මේක ගායනා කරන්නෙ ඉන්දු මිහිරානි අමරනාත්. එයාගෙ කියල සලකන Photo එකක් තියෙනව මං ළඟ ඒත ඒක දාන්ට බෑනෙ මට අයිතිකාරියගෙ අවසරයක් නැතුව. (අවසර ගන්නෙ කොහොමද ඉතින් අදාල පුද්ගලයව වත් දන්නෙ නැතුව.) කොහොම උනත් මෙන්න මෙහෙමයි සින්දුව තියෙන්නෙ.
කුමුදුනිය ඔබයි මගේ පිපුණු හද විලේ
කුමුදු මල මගේ
නැගුණු සඳ ඔබයි රැයේ අඳුරු විජිතයේ
සඳ එළිය වගේ
සඳවතිය මගේ
අඳුර මැද සැරූ ඔහේ ළපටි සිත මගේ
එළිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ
මුලු ලෝකෙම මගේ මැයි මට දැනුණෙ ළඳේ
සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ ඒ දිනේ
සඳ එළිය වගේ ලැබූ ඔබේ සෙනේ
කුමුදුනිය ඔබයි මගේ...
මිහිර පැතූ මිහිරියේ සුවඳ කුසුමියේ
සිටින විටදි ඔබ ළඟින් සිත නිවී සැලේ
දිවි ගිම් නිවේ ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ
භව භව පුරා සරමි නිතින් පතමින් ඔබේ සෙනේ
සඳවතිය මගේ සොඳුරු විජිතයේ
http://www.youtube.com/watch?v=1H9WydCtXwQ
මේක හරි ලයාන්විතයි. හොඳ අර්ථයක් තියෙනව වැරදි විදියට තේරුම් ගන්නෙ නැත්නම්. මේකෙ තියෙන වචන හිරියටම හරිද දන්නෙ නෑ. මට ඇහුන විදියට තමයි ලීවෙ. වැරදි තියේනම් ඉතින් දන්න කියන කෙනෙක් කියල දෙනවනම් හොඳයි.
No comments:
Post a Comment