Snow

{code type=codetype}{/code}

Wednesday, April 3, 2013

රාජකාරිය අතරතුර 2



දවස් කීපෙකින් මේ පැත්තෙ එන්ට බැරි උනානෙ. Office එකේ වැඩ ටිකක් වැඩියි. ඒක නිසා මේකෙ කොටන්න තියන වෙලාවත් අඩුයි. ඩිංගක් විතර Free Time එකක් අහු උන හැටියෙමත් කරන්නෙ ඉතින් හාමිනේ එක්ක කයියක් ගහන එක තමයි. හාමිනේ කීවට ඉතින් තවම හාමිනේ වෙලාම නැහැ. වෙන්ට බලාපොරොත්තුව එයාගෙ හිතේ තියෙනවා. (හික්ස්..). අනේ ඉතින් මමත් අසරණය වගේ බැඳගත්තු බෙරේ ගහන්ට එපැයි කියල හිතාගෙන ඉන්නවා. මේවා ඉතින් එයා දකින්නෙ නෑ. එයැයි ‍Blog බලන්ට දන්නෙ නැති නිසා මට ඔනෙ දෙයක් කියන්ට පුළුවන් බය නැතුව.මේකෙ ඉන්න අනිත් මහත්තුරු උනත් මගේ කීමට එකඟ වෙනව ඇති නේ. හිකිස්.... කාන්තා පාර්ශවයනම් මේව දක්නකොටත් බනිනව ඇති. අනේ අපි මොකටද ඔය මිනිස්සුන්ගෙ ඇ‍ඟේ එල්ලෙන්නෙ කියල. නේද? මම මෙහෙම කීවට ඉතින් අපි කොයි කවුරු උනත් විරුද්ධ පාර්ශව එක්ක සමගියෙන් ඉන්ට ඕනෙ.

No comments:

Post a Comment