අද හවස ඔෆිස් එකේදි වෙච්ච දෙයක් නිසා මගෙ හිතට ලොකු වේදනාවක් දැනුනා. අමතක කරන්ට උත්සාහ කරන නමුත් හැමදාම මම මතක් කරන මගේ අතීතය ආයෙමත් මට වද දෙන්ට පටන් ගත්ත. මෙතන වැරැද්ද වෙන කාගෙවත් නෙවෙයි..... එහෙනම් කාගෙද ඇත්තටම? මගෙම තමයි වැරැද්ද. මමම තමයි මගෙ ජීවිතේ වරද්ද ගත්තෙ. දැන් ඒක හදාගන්ට ඕනෙ වෙලා තියෙන්නෙත් මටමයි. ඒත් එක හදාගන්ට බැරි උනෙත් මටමමයි.
මම දන්නවා මොන තරම් උත්සාහ කළත් ඒ වැරැද්ද දැන් අයෙමත් හදන්ට බැරි බව. කවමදාවත් ලං කරගන්ට බැරි විදියට එයා මගෙන් ඈත් වෙලා ගිහින් ඉවරයි. මම දන්නවා එයා කවදාවත් මාව හොයාගෙන එන්නෙ නැති බව. ඒත මට මගෙ හිත හදාගන්ට බෑ. මගෙ අතින් වෙච්ච වැරැද්දෙ විපාක අද මම විඳිනවා. විඳිනව නෙමෙයි විඳවනවා.............!
මුලු හදින් මම ඇයට පෙම්
කොට අනාගත පෙම් සිහින මැව්වෙමි...
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුනු හැටි බලා දුක්වෙමි...
නිසංසල තැනකට වෙලා හඬන මගෙ ඇස් දෙක බලා
කියන්නකො දෙවියනේ මෙහෙවිත් කොහොම ඉන්නද ඉවසලා...
මගේ අතගෙන කනට ළංවී අනේ සුදු මම ආදරේ යැයි
කියන්නට සිතුනේ ඇයිද සුදු නොසිතුවෙද මට දුක් ලැබේ යැයි...
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුනු හැටි බලා දුක්වෙමි...
නිසංසල තැනකට වෙලා හඬන මගෙ ඇස් දෙක බලා
කියන්නකො දෙවියනේ මෙහෙවිත් කොහොම ඉන්නද ඉවසලා...
මගේ අතගෙන කනට ළංවී අනේ සුදු මම ආදරේ යැයි
කියන්නට සිතුනේ ඇයිද සුදු නොසිතුවෙද මට දුක් ලැබේ යැයි...
නිදැල්ලේ තුරුලට වෙලා රහස් එක එක කොඳුරලා
සිනසුණු හැටි මතක් වෙනකොට කොහොම ඉන්නද ඉවසලා...
එදා රෑ ගං ඉවුර අසබඩ සුපුන් සඳ පායන වෙලාවක
කතා කී හැටි මතක් වෙනකොට දුක දැනෙයි පවතින අපායක...
මෙහෙම ලෝකෙක ඉපදිලා සිතෙහි අදහස් සුන්වෙලා
මා උපන්නේ දුක් විඳින්නද දුක් අඳුරු මැද තනිවෙලා...
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුනු හැටි බලා දුක්වෙමි...
දුක දරන්න හද ගැබුරෙන් ලබාගෙන ඉඩක්........
ReplyDeleteමෙහෙම ලෝකෙක ඉපදිලා සිතෙහි අදහස් සුන්වෙලා
ReplyDeleteමා උපන්නේ දුක් විඳින්නද දුක් අඳුරු මැද තනිවෙලා...
මුලු හදින් මම ඔහුට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි
මගේ සොඳුර වෙනත් කෙනෙකුට අයිති වන හැටි බලා දුක්වෙමි...