Snow

{code type=codetype}{/code}

Thursday, April 4, 2013

රාජකාරිය අතරතුර 3



හ්ම්ම්.... අදනම් ටිකක් වැඩ අඩු දවසක්. ඒත් හවස් ජාමෙ යන්න වෙනව අරලියගස් බලන්ට. අපේ අවුරුදු උත්සවේ තෑගි පාර්සල් කරන්ට තමයි යන්නෙ. මොනව උනත් රාජකාරියක්නෙ. කරන්ට කීවම බැහැ කියන්ටත් බෑනෙ. 2.30 වෙනකොට යන්ට ලෑස්ති වෙන්ට ඕනෙ. ගිය අවුරුද්දෙනම් ගොඩක් රෑ වෙනකන් ඉන්ට උනා. මේ වතාවෙ කොහොම වේවිද දන්නෙ නෑ. මේ සැරේ අපි කඹ අදින තර‍ඟෙකටත් ඉන්ට බලාපොරොත්තු වෙනව. කඹේ කොහොම උනත් අපිව ඇදිල යාවිද දන්නෙ නෑ අනිත් Team එක දිහාට. හික් හික්...



අද මෙහෙ උපන් දින පාටියක් තියන්ට ලෑස්ති කරල තිබුණා. මේ වැඩේ හින්ද ඒකත් කල්දාන්ට උනා. උපන්දිනේ අපේ දුලානි අක්කගෙ. පාටි නොතිබුණත් ඉතින් දුලානි අක්ක මගෙ යාළුව හින්ද ඔන්න ඉතින් සුබ උපන් දිනයක් වේවා කියල මම උදේම SMS එකකුත් යැවුවා. Office එකට ආවට පස්සෙත් ඉතින් තෑග්ගක් දීලම සුබපැතුව. එහෙම නොකර බෑනෙ.දුලානි අක්ක තමයි මගෙයි හාමිනේගෙයි හැම වැඩකටම උදවු කරන්නෙ. අපිව මුණගැස්සුවෙත් එයා තමයි. (ගෑණුන්ගෙ වයස කියන්ට හොඳ නෑ තමයි. ඒක හින්ද මම එයාගෙ වයස කියන්නෙ නෑ. ඒත් මීට අවුරුදු 25කට විතර කලින් එයා 2 වසරෙ ඉගෙන ගත්තයි කියල තමයි ආරංචිය.) ඔන්න මම මොනවත් වැරදි දෙයක් කීවෙ නෑ හො‍ඳේ.

2 comments:

  1. අපිත් එන්නද තෑගි ඔතන්න?
    ලොකු බයිසිකලයක් දුන්නොත් ඔතන්න ඇහැකියි

    ReplyDelete