ඔන්න ආවා මම ආයෙමත්. ටික දවසක් මේ පැත්තට එන්ට බැරුව හිටියෙ. මගෙ Computer රාජයා අසනීප වෙලා හිටිය හින්ද. සෑහෙන්ට අමාරු උනානෙ එයාව ගොඩ දාගන්ට. ඒත් අන්තිමේ බලනකොට බොහොම පුංචි අපි ගනන් ගන්නෙවත් නැති හේතුවක් තමයි අසනීපෙට මුල. Office එකේ ඉන්නකොට මම වැඩිය මේ පැත්තෙ එන්ට කැමති උනේ නෑ. මේව type කරනකොට එක එකා ට පෙනෙයි කියල බයට. Type කරල ඉවර උනාට පස්සෙ දැක්කට කමක් නෑ blog එකේදි. ඒක නිසා blog එක පැත්තෙ එන එක අඩු කරලයි තිබුනෙ පහුගිය දවස් වල. අනිත් එක office එකේ වැඩ කරන අස්සෙ මේක කරන්ටත් අමාරුයි ටිකක්. ඒකෙ සද්ද වලටයි වැඩ කෙරෙන හැටියටයි ඉතින් ඔලුව අවුල් වෙනව. ඒක හින්ද ඉවසගෙන හිටිය. පෙරේද තමයි Computer එකේ ලෙඩේට හේතුව හොයාගත්තෙ. ඊයෙ රෑ තමයි ගොඩ දාන්ට පටන්ගත්තෙ. අද තමයි ඉවර උනේ. Computer රාජයා දැන් ඉතින් බබා වගේ වැඩ.
Computer එක ගොඩ දැම්මට පස්සෙ ඉතින් සිංදුවක් කාරිය අහල, චිතුපටියකුත් බලල, නවකතාවකුත් කියවල අහවර කරල, අන්තිමේදි මූණු පොතේ chat එකක් දාගෙනත් හිටිය. තාමත් chat එකේ යාලුව ඉන්නව. දැන් උන්දැ මම එනකන් බලාගෙන ඇති. ලියන්ටනම් ඉතින් ඕනෙ තරම් දේවල් තියේ. ඒත මටනම් දැන් හොදටම නිදිමතයි. 10 වෙනකොටවත් නිදාගන්ටයි මගෙ උත්සාහය. අපේ හාමිනෙත් හැම වෙලාවෙම කියනව නිදිමරන්ට එපා කියල. අපොයි දෙයියනේ මම නිදිමරන හැටි එයා දන්නවනම් ඉතින් මේ වෙලාවෙම ඇවිත් නැලවිලි ගී කියල මාව නිදිකරවයි. ඒත් ඉතින් තවම එයාව මෙහෙ ගේන්ට ඕනෙ කරන නීතිමය බැඳීම හම්බුනේ නැහැනෙ. හම්බුනාම බලමුකො ඉතින් නැලවෙන තාලෙ නේද??????


No comments:
Post a Comment