දැන් වෙලාව රෑ 9.30 ත් පහු වෙලා. මට හරිම මහන්සියි. අද ගෙදර එනකොට අටහමාරට ඔන්න මෙන්න. ආපු ගමන් නෑවා. නාපු ගමන් කෑව. ඔන්න මම දැන් මෙතන මගෙ කොම්පියුටරේ ඉස්සරහ........
දැන් ටිකකට කලියෙන් මම බැළුව හොඳ වීඩියෝ එකක්. ඒකෙ තිබුණෙ කණ්නාඩි හදන හැටි ගැන. කණ්නාඩි වල ක්‍රියාකාරීත්වය ගැන සෑහෙන තරම් හොඳ දැනුමක් මට තියෙනව මගෙ අධ්‍යාපනේට පින් සිද්ධ වෙන්න. ඒත මම කණ්නාඩි හදන හැටි දැක්කමයි. ඒ වීඩියෝ එක තිබුණෙ මූණු පොතේ. මම ඒකෙ link එක දාන්නම්. ඒත් හැමෝටම බලන්ට පුළුවන් වේවිද දන්නෙ නෑ. මේක තියෙන්නෙ විදු ලොවින් කියල පේජ් එකක. මෙන්න ඒක. http://www.facebook.com/vidu.lowinref=stream&hc_location=stream#!/photo.php?v=118833721646038&set=vb.524067577639051&type=2&theater
මේ පේජ් එක කරන කෙනාට ඇත්තටම සම්මානයක් දෙන්ට වටිනව අප්ප. නැද්ද මං අහන්නෙ.... මූණු පොතට වෙලා අනිත් මිනිස්සුන්ට මඩ ගහන නිකම්ම නිකම් නිකමෙක් වෙනවට වැඩිය, අපේ දැනුමට තවත් මොනවහරි නොමිලෙම එකතු කරන්ට ඩිංගක් හරි මහන්සියක් ගත්ත මේ වගේ අයට අපේ අය එකතු වෙලා සම්මානයක් දෙනවනම් තමයි හොඳ....
අද අපේ ලේකම් කාර්යාලෙ අවුරුදු පාටියක් තිබුණ. පුදුමෙකට වගේ අපේ ලොක්කත් ආවනෙ ඒකට. ලොක්ක කියන්නෙ ඉතින් රටේම ලොක්ක තමයි. හැබැයි ඉතින් මනුස්සය වැඩි වෙලාවක් හිටියෙ නෑ. ඉක්මනට ගියා. අපිට වගේයැ. වැඩ ඇති ඕනෙ තරම්. පාටි වෙලාවට අපි වැඩ නෑ. පාටිනම් පාටි....... වැඩනම් වැඩ.... වා නම් වා. පෝ නම් පෝ. Come or go Chicago කීවලු. දෙමළ දන්නෙ නැති හින්ද තමයි ඒ ටික සිංහලෙන් දැම්මෙ. දෙමළ ඉගෙන ගන්ට ආසයි. මම දෙපාරක්ම ටික ටික උත්සාහ කළා. ඒත මොකක්දෝ අවාසනාවකට ඒක මගඇරුනනෙ. කරුමෙ කියවන්නෙ ඒ අවස්ථා දෙකම මට නොමිලෙම හම්බඋන අවස්ථා. කරුමෙ පළ දෙනවනම් කොහෙ හිටියත් පළ දෙනව.
මම ලියන්ට ගියාම වටේ යනව වැඩිද මන්ද. හිතේ තියෙන දේම නෙවෙයි ලියවෙන්නෙ. කොහොමහරි ඔන්න අපි හිතේ හැටියට පාටිය භුක්ති විඳල ආව. මොනවද ඉතින් කන්ට දෙනවනම් බැහැ කියන සිරිතක් අපේ නැහැ. හැබැයි ඉතින් දවල් බත් එක තිබුන හින්ද කෑම ගැනීමනම් සීමාසහිතව තමයි කළේ....! අපේ Branch එකේ පාටිය නම් 22. මමනම් යන්නෙ නෑ ඕවට. මම එදාට නුවර යන්ට දාගත්තනෙ. මගේ හාමිනේ (වෙන්ට ඉන්න හරිද... ) නම් ඉතින් කෑ ගහනව 22 නුවර යන්ට එපා කියල. මොකද ඉතින් එදාට එයාට යන්ට බෑනෙ. (හික් හික් හිකිස්. තව එක සැරයක් තනියම නුවර යන්ට ඇත්නම් කොච්චර ෂෝක්ද අනේ.) එයාට මේ දවස්වල exam හින්ද ගෙදරම තමා. මම හිතාගත්තොත් අනිවාර්යයෙන්ම යනව කියල දැන්නම් ඉතින් මොනම හේතුවකටත් මාව නවත්තන්ට බෑ. මම කීවොත් කීව. ජම්මෙට වඩා මගෙ පුරුද්දකොහොමටත් ලොකුයිනෙ. මම එයාට කීවexam ඉවර වෙලාම අපි ආයෙ හම්බවෙමු කියල. එයාගෙ exam ඉවර වෙන්නෙ මැයි 18. මම එදා උදේ දළදා වඳින්ට ගිහින් exam ඉවර වෙන වෙලාවට එතනට එන්නම් කියල පොරොන්දු උනා. දැන් මේකි හිතනවද දන්නෙ නෑ මම මේ මාසෙ 22 නුවර ගිහින් මැයි 18 වෙනිද එයාව බලන්ට එන්නෙ නැතුව ඉඳීවි කියල. මොනව උනත් නුවර යන එකයි එයාව බලන්ට යන එකයි ලෝක චාරිත්තර වගේ කරන්ට ඕන දෙයක් තමයි.
No comments:
Post a Comment