ඔෆිස් එකට වෙලා කම්මැලිකමේ ඉන්නවට වඩා මොනවහරි ලියන එක හොඳයි කියල හිතුන නිසා තමා මේ කොටන්න ගත්තෙ. ඒකෙත් පුදුමෙ කියන්නෙ ඉතින් උදේ 8.14 ට ඔෆිස් එකට ආපු මට කම්මැලිකම දැනුනෙ දැන්නෙ......... පිස්සු හැදිල ආයෙත් හැදෙයි එහෙනම්. මගෙ අම්මෝ.... ඒ තරමට වැඩ ගොඩගැහිල නෙවෙයි. උදේ ඉඳලම කම්මැලිකමේ හිටියට දැන් තමයි මොනවහරි ලියන්ට හිතුනෙ.
අද උදේම නැගිටලා ඔෆිස් ආවා නොවැ අළුත් (දවස් 106 පරණ) අවුරුද්දේ හා හා පුරා කියල. හිකිස්..... අනේ ඉතින් උදේ පාන්දරින් ගෙදරින් එන්ට හිතාගෙන හිටියට ඩිංගක් පරක්කු උන නිසා මම හිතුවෙම ෆවුසිය මගඇරෙයි කියල. ෆවුසි කීවෙ අර කැබිනට් එකේ ඉන්න කෙනා නෙවෙයි හරිද. ඒත් දෙයියනේ කියල අපේ රටේ දුම්රිය සේවයේ කාර්යක්ෂමතාවයට පින්සිද්ධ වෙන්න 7.12 ට එන්ට තියෙන ෆවුසිය 7.30 ට අපු නිසා අවුලක් නොවී මටත් ඒකෙ එන්ට පුළුවන් උනා. ඒක නිසා ෆවුසියෙම මහලේකම් එකට එන්ට පුළුවන් උනා.
අවුරුදු කියල විශේෂයක් දැනුනෙ නැති උනාට මොනවහරි කන්ට තියේවි කියලනම් මම දැනගෙන හිටිය. lol . කෑම කීවොත් ඉතින් අපිට ඉතින් වෙන මොනවත් ඕනෙ නෑනෙ. කෑමටම උපන් ජාතියක්නෙ. ... ඒත් කිසිම සංවිධානාත්මක බවක් තිබුණෙ නැති නිසා මම මොනවත් ගෙනිච්චෙ නෑ. ඇත්තටම අම්මට කියල කේක් එකක් හදවගන්ටනම් ආසාවක් තිබුණ. ඒත් ඉතින් මෙලෝ සිහියක් තිබුණෙ නැනෙ ඊයෙ. ඒක නිසා කේක් ආසාව අතඇරගන්ට උනා. ඒ උනාට ඔෆිස් එකේදි උදේ තේ මේසෙට කැවුම්, කොකිස්, අතිරස, මුං කැවුම් ආදී එකී නොකී මෙකී කෑම ජාති ගොඩක් තිබුණ. අපි ඕව ගේන්ට හිත හිත ඉන්නකොට අපේ කාන්තා පාර්ශවයනම් ඒ සිතුවිලි ප්රායෝගික කරගෙන තිබුණ. මේක අපේ Official විදියට සංවිධානය කොරාපු පාටි එකක් නෙවෙයි. හේතුව නම් මම නොදනී. දෙයියොත් දන්නවද දන්නෙ නෑ.
ඕන් ඒ අස්සෙ නිවුස් එකක් එනව අපේ අවුරුදු පාටිය තියෙන්නෙ 22 කියල. හප්පේ මොකද මේ ඒ තරමට කල් ගිහිල්ල. සඳුද දවසක්ම ඕකට ඕනෙද ඇත්තටම ඈ... ඒකෙ කිසිම විශේෂ ගතියක්නම් නෑ. ඒත් පොඩ්ඩක් හෝව්............. හපොයි දෙයියනේ මම නුවර යන්ට හිටියෙ 22 නෙ. හත් ඉලව්වයි. දැන් මොකද කරන්නෙ. ම්ම්ම්... දැන් මොකද කරන්නේ? පාටියට ඉන්නවද නැත්නම් නුවර යනවද දෙකෙන් එකක් තීරණය මටම තමයි ගන්ට වෙන්නෙ. මේ අවුරුද්දටම තාම මාලිගාවට ගිහින් එන්ට බැරි උනා නෙව. අන්තිමට ගියේ කවදද බලමු. මට මතක හැටියට ගිය නොවැම්බර් දෙවෙනිද. නුවරත් ගිහින් අනුරාධපුරෙත් ගිහින් එන්ට උනේ.
හපොයි දෙයියනේ....... ඒ කියන්නෙ මගෙ හොඳ පුරුදු සෑහෙන්ට වෙනස් වෙලා කියන එකනෙ. වෙන අවුරුදු වලනම් මේ වෙනකොට දෙපාරක්වත් මාලිගාවට ගිහින් ඇවිත්. මේ අවුරුද්දෙ එක වතාවක්වත් නෑ. මොකද කරන්නෙ. කෑම ටිකක් හින්ද මගෙ පුරුද්ද වෙනස් කරන්ට පුළුවනෑ. කමක් නෑ. ජම්මටෙ වඩා ලොකුයි පුරුද්ද. එනි වෙඩිමක් කියල 22 නුවර ගිහින් එනවා. හිතපු දවසෙ යන්ට බැරි උනොත් ආයෙ කවද යන්ට පුළුවන් වේවිද දන්නෙ නෑ. පාටිනම් කවද ගන්ට බැරිද ඈ. මොකෝ 22 ඔෆිස් ආවෙ නෑ කියල මැරෙනවය. මගෙ නිවාඩුත් ඕන තරම් තියෙන්නෙ. පාටිවලට ගේන තෙල් කෑම කාල තව මහත් වෙනවට වඩා හොඳයි ඉතින් මාලිගාවට ගිහින් පිනක් දහමක් කරගෙන එනව.
But i dnt knw who u r? Pls tell me smthng abt u.
ReplyDelete